පැය 24ට අමෙරිකාවේ  ආසාදිතයින් දස ලක්ෂය ඉක්මවයි

අප්‍රේ 28, 2020

    ඉකුත් පැය විසිහතර තුළ අමෙරිකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා තිබේ.

    නව මරණ 1,236ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 56,649ක් බවට පත්ව තිබේ. අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දස ලක්ෂ අට දහස් හතළිස් තුන් දෙනෙක්. සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස වාර්තා වන්නේ, එක් ලක්ෂ තිස් හත් දහස් 739ක් ලෙසයි.

    ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පුද්ගලයන් තුළ කොරෝනා වෛරස පරික්ෂාවන් දිරිමත් කරමින් රට හැකිතාක් ඉක්මනින් යථා තත්වයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පසුවන බව විදෙස් වාර්තාවල දැක්වෙයි. අමෙරිකාව තුළ වෛරසය සම්බන්ධ පරීක්ෂාවන්, පනස් ලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. කෙසේ හෝ වෙනදාට වඩා අඩු අගයකින් රෝගීන් වාර්තා වීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් තම සතුට ප්‍රකාශ කළ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

     

     

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 12:41

    Latest News