චීනයේ වායු දූෂණය වාර්තාගත ලෙස පහළට

මාර් 01, 2020

    චීනයේ වායු දූෂණය ඉකුත් මාසය තුළ වාර්තා ගත ලෙස අඩුවී ඇතැයි, අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

    කොවිඩ් 19 නව කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වීමත් සමග මිනිස් ක්‍රියාකාරකම් අවම වීම මීට හේතුවයි. නාසා ආයතනයෙන් ලබාගත් චන්ද්‍රිකා ජායාරූපවලින් මේ බව තහවුරු වී තිබේ. වෛරසය ව්‍යාප්තියෙන් චීනයේ සිදුවූ ආර්ථික මන්දගාමීත්වය නිසා කාර්මික ක්‍රියාකාරකම් හා මෝටර් රථ ධාවනය අවමවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධකයි.

    ඒ අනූව ඉකුත් වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලට සාපේක්ෂව දිනපතා වායු ගෝලයට මුදා හැරෙන පරිසරයට හානිකර වායුවක් ලෙස හඳුන්වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතා අවම මට්ටමක් දක්වා අඩුවී ඇතැයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙය ප්‍රථම වරට දක්නට ලැබුණේ වූහාන් නගරයේ වායුගෝලය ආශ්‍රිතවයි. පසුව එය මුළු චීනය පුරාම දැකගත හැකිවීම විශේෂත්වයක්.

     

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 11:40

    Latest News