මව්බිම රනින් සැරසූ ශූරයෝ දිවයිනට

ජූනි 09, 2023

    දකුණු කොරියාවේ පැවැති වයස අවුරුදු 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළලේදී පදක්කම් දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා.

    ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 4ක් ලෝකඩ පදක්කම් 02ක් සහ රිදී පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

    දකුණු කොරියාවේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළලේදී කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයේදී රන් පදක්කම සහ කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම හිමි කරගැනීමට තරුෂි කරුණාරත්න සමත්වූණා.

    මේ අතර මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී සමත්වුණා.

    එම තරගාවලියේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ මලිත් යසිරු සමත්වී තිබුණා.

    Latest News