පොලිස් විශේෂ කාර්ය බලකායේ 81 වැනි මූලික ආධුනික පුහුණු පාඨමාලාව නිම කළ තවත් කණ්ඩායමක් ඊයේ විසිර ගියා.

දිවයිනපුරා  සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ "සමීර සම්පත් ප්‍රනාන්දු" හෙවත් "හාල් සමීර" නැමැත්තා, පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.‍ ‍මොහු, මහ පරිමාණයෙන් සහල් එක්  රැස් කොට, ඒ සඳහා අගරු වූ චෙක් පත් නිකුත් කිරීම ඇතුළු රුපියල් දොකෝටි 50 ලක්ෂයක මූල්‍ය වංචා සම්බන්ධ සැකකරුවෙකු බවයි,  පොලීසිය පවසන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කතරගම, සෙල්ලකතරගම ප්‍රදේශයේ කරවිල හංදිය අසළ නිවසක් හදිසි පරික්ෂාවකට ලක් කිරීමේ දී එහි තිබී කඩුදෙකක්, වියලි ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 850ක් සමඟ එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව හැඩඔය පාලම ආසන්න ප්‍රදේශයේ දී ඊයේ (5)පස්වරුවේ දී සිදු කල හදිසි වැටලීමකදී කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු කල හදිසි වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා සාමාජිකයන් බව පවසා මුදල් කොල්ලකෑ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලුණුගල පොලිස් බල ප්‍රදේශයේ ඇලලන්ද රක්ෂිතයේ මහා පරිමානයෙන් සිදු කරගෙන ගිය මිල්ල දැව ජාවාරමක් පිළිබඳ අනාවරණය වේ.

දික්වැල්ල නගරයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් ඊයේ සමත් විය.

මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Latest News