සහරාන්ගේ ප්‍රබලයකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට

අගෝ 16, 2019

    සහරාන් හෂීම්ගේ නුවරඑළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ තවත් සැකකරුවෙකු රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරකට අනුව අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් නවුෆර් අබ්දුල්ලා නොහොත් අබුහසාම් නමැත්තෙක්.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයෙකු වූ නවුෆර් මවුලවි නමැත්තාගේ පුත්‍රයෙකු වන බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරු 16 වන වියේ පසුවන අයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 16:36

    Latest News