අරුවක්කාඩු - කසල අංගනයට පොහොට්ටුවෙන් විරෝධයක් (විඩියෝ)

අගෝ 16, 2019
  • අරුවක්කාඩු - කසල අංගනයට නිසි පරිදි කසල බැහැර නොකරණ බව පවසමින් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රදේශවාසින් පිරිසක් අද (16) දහවල් පුත්තලම නගරයේදී විරෝධතාවයක නිරතවිණි.

    සිකුරාදා ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු පැමිණි මුස්ලිම් බැතිමතුන් හා පුත්තලම දිස්ත්‍රීරිතක්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් ඊට එක්වු බව අප වාර්තාකරු පවසයි. පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ අරුවක්කාඩු කසල අංගනයට කුණු රැගෙන යන මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්විණි.

    මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත, වයඹ පළාත් සභාවේ සභානායක චින්තක අමල් මයාදුන්න, පුත්තලම නගර සභාවේ නගරාතිපති කේ .ඒ බායිස් යන මහත්වරු පිරිසක් මෙම විරෝධතාවයට එක්වී සිටියේය.

    පරිසර හිතකාමී සහ සනීපාරක්‍ෂිත අයුරින් දෛනිකව කසල මෙට්‍රික් ටොන් 600ක් බැහැර කරලීමට හැකි පරිදි අරුවක්කාලු කසල රඳවනය මේ වනවිටත් සූදානම් කර ඇතැයි, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    රුපියල් බිලියන 23ක වියදමකින් යුත් සමස්ත ව්‍යාපෘතිය ලබන වසරේ මාර්තු 31 වැනි ඉදිකිරිම් අවසන් කිරීමට නියමිතයි. වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ පළාත් පාලන ආයතනවලට ගැටලුවක් වී තිබූ කසල බැහැර කිරීමේ අර්බුදයට ස්ථිරසාර සහ විද්‍යානුකූල විසඳුමක් ලෙස අගනගර ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. වයඹ පළාතේ පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටි කසල රඳවනය වෙත අපද්‍රව්‍ය රැගෙන යනු ලබන්නේ, කැලණිය හුවමාරු මධ්‍යස්ථානය හරහායි. එහිදී අධික පීඩනයට ලක් කෙරෙන කසල, දුම්රිය මාර්ග ඔස්සේ අරුවක්කාලු වෙත ප්‍රවාහනය කෙරේ. කසල රඳවනයේ ඉදිකිරීම් සිදුවන්නේ අපදියර ප්‍රතිකර්ම පද්ධතිය, බිම් පිරවුම් වායු ප්‍රතිකර්ම පද්ධතිය ඇතුළු සියලු පාරිසරික ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කරමින්. මතුපිට හෝ භූගත ජල පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන ලෙස කසළ බැහැර කිරීම සිදු කෙරේ.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ සරෝජා ජයසේකර මිය....

    “ඒ සම්බන්ධව ඉතා විධිමත් පාරිසරික අධ්‍යයනයක් කරලා සියලු පාරිසරික පැතිකඩයන් අධ්‍යයනය කරලා, ඒවා විශ්ලේෂණය කරලා, පරිසර ඇගයීම් ක්‍රියාවලියට භාජනය කරලා, නිර්දේශ සහ නිර්නායක සහිතව අපි මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා“.

    ව්‍යාපෘතියට අවශ්‍ය දුම්රිය ඇන්ජින් 4ක්, වැගන් රථ 34ක් හා කන්ටේනර් පෙට්ටි 94ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පිරිනමා තිබේ. කැළණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කිරිම්වලට අදාළ සැලසුම ද අවසන්. සමස්ත ව්‍යාපෘතියම අවසන් වීමට පෙර මූලික පියවරක් ලෙස කොළඹ නගරයේ දෛනිකව එක් රැස්වන කැලි කසල අරුවක්කාලු කසල රඳවනය වෙත බැහැර කිරීමට අවස්ථාව සලසා තිබේ.

    මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා...

    “මේ මාර්තු දක්වා කෝච්චියෙන් යන දක්වා අපි ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ යන වියදම රජය විසින් දරනවා. මාර්තුවලින් පස්සේ කොහොමද මේක නඩත්තු කරන්නේ. මේකට කොහොමද ගාස්තු අයකරන්නේ කියලා කැබිනට් මණ්ඩලය විසින් කොමිටියක් පත්කරලා තියෙනවා“ යැයි නිහාල් රූපසිංහ මහතා පැවසීය.

    මෙරට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධානතම ගැටලුවකට මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරි වසර 80ක පමණ කාලසීමාවකට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති.

     

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 17:03

    Latest News