වැටුණ සංචාරක ව්‍යාපාරය ගොඩගන්න ඇමති ඉරාන්ගෙ සැලසුමක්

මැයි 22, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අඩපණ වූ සංචාරක කර්මාන්තය වසරක් ඇතුළත යථා ත්තවයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. සංචාරක කර්මාන්තය සඳහා ණය ලබාගෙන ඇති මහා පරිමාණ හා සුළු පරිමාණ සියලු ව්‍යාපාරිකයින්ට ද සහන සැලසීමට නියමිතයි.

    ආරක්‍ෂක කටයුතුවලට අදාළ උපකරණ ගෙන්වීමේදී, ඒ වෙනුවෙන් බදු සහන ලබාදෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටට එන සංචාරකයින් ප්‍රමාණය අඩු වෙනවා. මේක ලෝකේ අනෙක් රටවලත් වෙලා තියෙනවා. එක-එක රටවල් ඒ අය මේකට දක්වපු ප්‍රතිචාරය අනුව සමහර අය අවුරුද්දකින් දෙකකින්, අවුරුදු තුනකින් තමයි ඒ අයට පුලුවන් වෙලා තියෙන්නේ ඒක ප්‍රථමයෙන් තිබ්බ තත්වයට සංචාරක ව්‍යාපාරයත්, ආර්ථිකයත් ගොඩනඟන්න පුලුවන් වෙලා තියෙන්නේ. අපේ රජය කඩිනමින් ක්‍රියා කරලා තියෙනවා.  මහ බැංකුවත් එක්ක කතාකරලා පියවර අරගෙන තියෙනවා සංචාරක ව්‍යාපාරයට අයිති ව්‍යාපාරවලට ඒ ණය අරගෙන තියෙනකොට ණය ගෙවීම්වල ප්‍රාග්ධනයයි, පොලියයි එකම මාසයකට ගෙවන්න ඕනේ. ඒ ප්‍රාග්ධනයයි, පොලියයි අවුරුද්දකට ගෙවන්න අවශ්‍ය නැහැ. 2020 මාර්තු මාසේ වෙනකම් ගෙවන්න අවශ්‍ය නැහැ. එකතු කරලා 2020 ජුලි මාසයෙන් පස්සේ තමයි ඒක ගෙවන්න ඕනේ. අද සංචාරකව්‍යාපාරයේ ලොකු හෝටල් විතරක් නෙමෙයි කුඩා හෝටල් තියෙනවා, නිවාසවල සංචාරකයින් ඉන්න හෝටල් තියෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    Latest News