පොහොර ඉල්ලුමේ වෙනසක් ගැන සැකයක්

නොවැ 02, 2018

    මහ කන්නයේ වී සහ අනෙකුත් වගාවන්ට අවශ්‍ය පොහොර කිසිදු හිඟයකින් තොරව මිලදී ගැනීමට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදා හැරීම් භාර නිලධාරීන්ට අද (02) උපදෙස්දී තිබේ.

    2018 - 19 මහ කන්නයට පොහොර නිකුත් පිළිබඳ අද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවට ජාතික පොහොර ලේකම් කාර්යාලය , ලංකා පොහොර සමාගම , කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු ආයතනවල නිලධාරීන් සහභාගි වුහ.

    2018-19 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 37500 කි. ත්‍රිත්ව සුපිරි පොහොර මෙ.ටොන් 150000 ක් වන අතර මියුරේට් ඔෆ් පොටෑෂ් මෙ. ටොන් 46,000කි.

    ඊයේ ප්‍රකාශයට පත්කළ යුරියා පොහොර 50 Kg ක මල්ලක් රු. 500කටද , අතුරු බෝග පොහෝර 50 Kgක මල්ලක් රු. 1000කටද අලෙවි කිරිමේ තීරණයට අනුව පොහොර ඉල්ලුම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර හිඟයකින් තොරව පොහොර සැපයිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක් කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    මෙවර මාස් කන්නයේ බඩඉරිඟු, උඳු ඇතුළු ධාන්‍ය වර්ග වැඩිපුර අක්කර සිය ගණනක වගා කෙරෙන බැවින් රසායනික පොහොර සඳහා පවතින ඉල්ලුම ඉහළ යා හැකි බැවින්නි ඊට අවශ්‍ය පියවර ගන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 16:04

    Latest News