ඕළුතුඩුවායි ප්‍රදේශයෙන් හමුවූ කෝටි 5ක ගංජා

මාර් 19, 2022

    මන්නාරම, ඕළුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙක් හා ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

    ගෝනි 6ක් තුළ අසුරා තිබූ කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධිකයි.
    වයස අවුරුදු 33 සහ 34 යන වයසේ පසුවන වන සැකකරුවන් වංකාලේපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    සැකකරුවන් හා කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    Latest News