තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 23 වැනි සංවත්සර සැමරුම අගමැති ප්‍රදානත්වයෙන්

මාර් 11, 2022

    තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 23 වැනි සංවත්සරික සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලාංකික ව්‍යාපාර 500කට වැඩි සංඛ්‍යාවක් ආවරණය වන තරුණ ලාංකේය ව්‍යවසාය මණ්ඩලය දේශීයත්වය ප්‍රමුඛ කොට ගත් ව්‍යවසායකයන්ගෙන් සැඳුම්ලත් මණ්ඩලයකි.

    මෙම මණ්ඩලයේ ආරම්භක හමුවීම සඳහා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව තිබීම විශේෂත්වයකි.

    එතැන් පටන් අවස්ථා ගණනාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම මණ්ඩලයේ සංවත්සර සැමරුම් සඳහා එක්ව තිබේ.

    තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 23 සංවත්සර සැමරුම සමගාමීව පැවති මහා සභා රැස්වීමේ දී 2022/2023 වසර සඳහා නව සභාපති ලෙස දිමුත් චංකම සිල්වා මහතා පත්විය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, දයාසිරි ජයසේකර මහත්වරු ඇතුළු තානාපතිවරුන් සහ තානාපති නියෝජිතයන්, හිටපු අමාත්‍යවරුන්, තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ හිටපු සභාපති සාරංග ගුණවර්ධන මහතා ඇතුළු තරුණ ව්‍යවසාකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News