IOC මිල වැඩි කරයි

මාර් 11, 2022

    ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබේ.

    ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගවල ඩීසල් ලීටරයක් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ යනු ඇත. මෙලෙස 54%කින් මිල ඉහළ නැංවූ IOC ඩීසල් ලීටරයක මිල රුපියල් 214ක් වන අතර, 27%කින් මිල ඉහළ නැංවූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් වේ.

    එමෙන්ම එක්ස්ට්‍රා මයිල් ලීටරයක් 220ක් ද වන අතර, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 283ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 252ක් වේ.

    Latest News