දකුණු පළාත් උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම.....

පෙබ 20, 2022

    දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති පූජ්‍ය‍ මැද්දවත්තේ සෝරත ස්වාමීන් වහන්සේ "විමලකීර්ති ශ්‍රී විජිත" ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා.

    උන් වහන්සේට දකුණු පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (19) සවස එක්වුණා. කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පිහිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා උපෝසථාගාරයේ දී මෙම සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය සිදුවුණා.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් සන්නස් පත්‍රය පූජ්‍ය සෝරත ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබූවා. විජිනිපත පිළිගන්වනු ලැබුවේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්. පූජ්‍ය සෝරත ස්වාමීන් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කළ අගමැතිතුමා, මහ නායක ස්වාමීන් වහන්සේට තිලිණයක් ද ප්‍රදානය කළා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද පූජ්‍ය සෝරත හිමිට අෂ්ට පරිෂ්කාර පූජා කළා.

    මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News