තවත් පුද්ගලයින් 79,164කට බූස්ටර් මාත්‍රාව

පෙබ 20, 2022

    මෙරට කොරෝනා වෛරසය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනයේදී තවත් පුද්ගලයින් 79,164 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් ගණන 6,462,786 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගයින් 5,061 කට ලබාදී තිබේ. එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 8,437ක් .

    පවතින ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එයින් ආරක්ෂාවීම සඳහා හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි, සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    d134cd9d6dbccc9b9b0bf767cddd4f69

    Last modified on ඉරිදා, 20 පෙබරවාරි 2022 10:32

    Latest News