'ගම සමග පිළිසඳරක් - අය වැයෙන් වැඩ ලක්ෂයක්' ලබන 03 ඇ‍රඹේ

පෙබ 01, 2022

    'ගම සමග පිළිසඳරක් - අය වැයෙන් වැඩ ලක්ෂයක්' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ආවරණය වන පරිදි ලබන 03 වැ නි දින ආරම්භ  කිරීමට නියමිතයි.

    ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැළකිල්ලට ගනු ලැබීය.

    නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් 2022 අය වැය මගින් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනූව වැඩසටහන ක්‍රියාත්මකයි.

    මෙහිදී මහජන අවශ්‍යතාවයන් ජනතාව විසින්ම හඳුනා ගැනීමට හැකි වන පරිදි ව්‍යාපෘති හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විමධ්‍යගතකර තිබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,021ක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    Latest News