මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙක් STF අත්අඩංගුවට

ජන 06, 2022

    ජාත්‍යන්තරව සිදුකරණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් තුලින් උපයා ගන්නා ලද මුදල් හා පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ලුම්බිනි, ගිනිමැල්ල ගහ බටහිර, ගෝනපීනුවල ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.

    එහි  පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවියක් හා ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම, ජාත්‍යන්තරව සිදු කරණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් තුලින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ අනූවකට අධික මුදල් හා සැටලයිට් වර්ගයේ දුරකථනයක් තබා ගැනීම, මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කිරීමට අදාල වෑන් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 පමණ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
    1) පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවි 01 යි. (NMHS 16493)
    2) හිස් පතොරම් ගැබ් 02 යි.
    3) 7.62X25 mm ජීව උණ්ඩ 01 යි.
    4) වෑන් රථ 01 යි. (SP PH 8907)
    5) මුදලින් රුපියල් 9,002,800 යි.
    6) සැටලයිට් දුරකථන 01 යි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 11:28

    Latest News