අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඔක් 18, 2021

    කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව, මධ්‍යම සහ ව්‍යඹ පළාත්වලත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වපල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 30ත් 40ත් දක්වා වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News