නිරෝධායන නීති කැඩූ 253ක් අත්අඩංගුවට

මැයි 15, 2021

    ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    එම පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

    අද දිනයේදීත් ජනතාව නිවෙස්වලටම වී රැඳී සිටිය යුතු බවත්, රෝහලකට යෑම හැරුණුකොට අද දිනයේත් හෙට දිනයේත් හැඳුනුම්පතේ අංක භාවිත කරමින් පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බවද අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News