පළාත් රැසකට වැසි

පෙබ 05, 2019

    දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව, උතුරු මැද සහ මධ්‍යම පලාත්වල විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව තිබේ. සෙසු පළාත්වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    සබරගමුව, බස්නාහිර, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැසි තරමක තද වැසි ඇතිවිය හැකියි. වයඹ, උතුර සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං හමායනු ඇති.

    කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්. දිවයින වටාවන සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 08:20

    Latest News