පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා නව මාධ්‍ය අධ්‍යයන ආයතනයක්

මාර් 15, 2021

    නවීන ලෝකයට මුහුණ දියහැකි වෘත්තීය නිපුණතාවන්ගෙන් පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යයන ආයතනයක් ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය සැලැසුම් කර ඇත.

    රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් ආකාරයට ඉහළ නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට අනුකූලව රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍යය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම යටතේ මෙම අධ්‍යයන ආයතනය ස්ථාපිත කෙරේ.

    මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (15) ජනමාධ්‍යන අමාත්‍යංශයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    Latest News