මහියංගණය ඇඟළුම් කම්හලක ආසාදිතයින් 108ක්

පෙබ 06, 2021

    මහියංගණය නගරයට ආසන්නයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙක් වාර්තා වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියි.

    එම ඇගළුම් කම්හලේ සේවකයින් 10 දෙනෙකු පළමුව සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස සොයා ගෙන ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ මගින් ඊයේ දිනයේදී ආසාදිතයින් 98ක් වාර්තා වී ඇත.

    මෙම ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1500ක් පමණ මහියංගණය, බිබිල ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ව නිවෙස් තුලම නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

    Latest News