මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

මැයි 29, 2023

    ඓතිහාසික මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස නීතිගත කර සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ඊයේ (28) පැවැත්වුණා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය පැවැත්වුණා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් විසින් එහි මුලසුන හොබවනු ලැබුවා. මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරනු ලැබු‍වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මහියංගණය පූජා භූමියේ විල්ලුපිටිය වැව මධ්‍යයේ ඉදි කෙරුණු අඩි 102 ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. එය ඉදි කර ඇත්තේ, පසුපස කිසිදු ආධාරකයක් නොමැතිවයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සංකල්පයකට අනුව, මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ අනුග්‍රහයෙන් මෙය ඉදි කර තිබෙනවා. මහියංගනය පුද බිමේ උඩමළුව වටා ඉදි කෙරුණු වළාකුළු බැම්ම ද ඊයේ විවෘත කෙරුණා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද, විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක යන අමාත්‍යවරුන් ද තායිලන්ත සහ වියට්නමය යන රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News