කොන්දේසි පසුපස ගොස් රට,ජාතිය,ආගම, ජන්මය විකුණන්නේ නෑ..සජිත්

නොවැ 05, 2019

    සජිත් ප්‍රේමදාස කොන්දේසිවලට යටත් වී සිටින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම සහ සජිත් ප්‍රේමදාගේ ඡන්මය විකුණන්නේ නැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ප්‍රතිවාදීන් නිරත වී සිටින සුපුරුදු, හිරිකිත, දහජරා දේශපාලනයේ තමන් නිරත නොවන බවත්, ඇතැම් මාධ්‍යන ආයතන මෙලෙස තමන්ට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට පත් කරගෙන, මරණ දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන්, කුඩු ජාවාරම්කරුවන් සිර ගෙදරින් එළියට ගැනීමේ අරමුණ ඉටු කර ගැනීම සදහා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මහියංගනය නගරයේ පැවති ජන හමුවට ඊයේ (04) රාත්‍රී එක්වෙමින්. ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කළ 100 වැනි ජන හමුව මෙය මෙයයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    “දැන් බොරු කතා ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් වෙලා කියලා. මොන කොන්දේසිද? කාගේ කොන්දේසිද? කියා මම එම පුද්ගලයින්ගෙන් අහනවා. තමන්ට අපේක්ෂකත්වය දෙන විටත් විවිධ අය කොන්දේසි දමන්නට ආවා. මම ඒ මොහොතේ කොන්දේසියි, අපේක්ෂකත්වයයි දෙකම තියා ගන්න කියලා කිව්වා. මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. මට හොද කොන්දක් තියෙනවා. කොන්දේසි පස්සේ ගිහින් රට, ජාතිය, ආගම, විකුණන්නේ නැහැ. කිසිම දේකට සජිත් ප්‍රේමදාසගේ ඡන්මය විකුණන්නේ නැහැ.

    පචවාහිනී මෙලෙස තමන්ට මඩ ගහන්නේ, තමන්ට අවශ්‍ය පුද්ගලයා බලයට ගෙනවිත් හිරේ ඉන්න ඇත්තන්ව එළියට ගැනීමේ අරමුණ ඉටු කර ගැනීම සදහායි. මේවා කියන්න නොසිටියත් දැන් කියන්න සිදු වෙලා තියෙනවා. මොන තරරම් මඩ ගැහුවත්, චරිත ඝාතන කළත් ඒ හැම දෙයක්ම දරා ගැනීමේ හොද හයියක් මට තියෙනවා.

    මේ ඇත්තන්ට මාව විවේදනය කරන්න බැහැ. ඒකීය ශ්‍රී ලංකාවක්, ස්වෛරී ශ්‍රී ලංකාවක් තුළ ආගම, ජාතිය, මාතෘ භූමිය සුරැකීම යන ප්‍රතිපත්ති අකුරටම අනුගමනය කරන පුද්ගලයෙක්. හොරාකාපු, මංකොල්ල කාපු, දූෂණය සංචාව ක්‍රියාත්මක කරමින් රටට කොඩිවිනයක් වුණු, ආගම දහමට, රටට, සංස්කෘතියට ලැදියාවක් නැති කිසිම අයෙකුම පත්වීම් ලබා දීමට මා අත්සන් කරන්නේ නැහැ..."

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 15:21

    Latest News