ප්‍රියංකා යුග දිවියට

දෙසැ 03, 2018

    ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හා අමෙරිකානු ගායක නික් ජොනාස් යුග දිවියට එළඹෙති.

    මංගලෝත්සවය බටහිර ඉන්දියාවේ ජෝද්පූර්හි දී සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව පැවැත්විණ. දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝ හා සමීප මිත්‍රයෝ ඊට සහභාගි වූහ.

    විවාහය ජෝද්පූර් රාජකීය පවුලට උරුමකම් කියන ස්ථානයකදී සිදුවිය. 36 හැවිරිදි ප්‍රියංකා චොප්රා හා 26 හැවිරිදි නික් ජොනාස් මේ වසරේ දී විවාහ ගිවිස ගත්තේ, ඔස්කා සම්මාන උළෙලෙන් පසු පැවති හමුවකදීය.

     

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 17:58

    Latest News