පර්ත්වල වෙසෙන යෝධ ගවයා

නොවැ 28, 2018

    ශරීරයෙන් අසාමාන්‍ය ලෙස විශාල ගවයෙක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාරතා වෙයි.

    ගවයාගේ බර කිලෝග්‍රෑම් 1,400ක්. අවුරුදු 7ක් වයසැති මෙම ගවයා, දස ලක්ස ගණනක් ගවයන් වෙසෙන ඔස්ට්‍රේලියාවේ විශාලතම ගවයා බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    අඩි 6යි අගල් 4ක් උසැති මෙම ගවයා, පර්ත් නගරයට දකුණින් පිහිටි මයාලප් නමැති ගම්මානයේ නිදැල්ලේ වෙසෙනවා.

    පසුගිය මාසයේ මෙම ගවයා වෙන්දේසියකට තබා තිබුණි. මෙල්ල කර ගැනීමට අපහසු වූ බැවින් ගැනුම්කරු ගවයාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි, වාර්තා වන්නේ.

    Latest News