අරුම පුදුම අං ඡන්දය

නොවැ 27, 2018

    ලෝකයේ රටවල විවිධ කාරණා සඳහා ජනමත විචාරණ පැවැත්වෙයි. 

    ස්විට්සර්ලන්තයේ පසුගියදා වෙනස් ආකාරයක ජනමත විචාරණයක් පැවැත්වුණු අතර ඒ ගවයින්ගේ අං ඉවත් කිරීම සම්බන්ධයෙන්.  ස්විට්සර්ලන්තයේ බොහෝ විට ගවයින්ගේ හා එළුවන්ගේ අං ඉවත් කිරීම සිදු කෙරෙනවා. 

    ඊට විරුද්ධව ගොවියෙක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.  ඒ සත්වයින්ගේ ගෞරවය වෙනුවෙන් බවයි, ඔහු පවසා සිටියේ.  කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කෙරුණි.  ජනමත විචාරණයේ ප්‍රතිඵල අනූව 53%ක් දෙනා කියා සිටියේ, සත්වයින්ගේ අං ඉවත් නොකළ යුතු බවයි.

    Latest News