“මැතිව්“ සිනමාවට

නොවැ 24, 2018

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ “මැතිව්“ චිත්‍රපටය ඊයේ සවස කොළඹ රීගල් සිනමා හලේදී එළිදැක්විණ.

    තම අනියම් පෙම්වතිය සමඟ එක්ව, ඇයගේ සැමියාට හා තම බිරිඳට අධික ඉන්සියුලින් මාත්‍රාවක් ශරීරගත කොට ඝාතනය කළ මැතිව් පීරිස් නමැති දේවගැතිවරයාගේ සත්‍ය කථා පුවත මීට පාදක වී තිබේ.

    ලිංගික අපයෝජනය, මිත්‍යාමත, පුද්ගල ඝාතනයක් සඳහා වන මිනිස් පෙළඹවීම සහ කාන්තාවන්ට අපචාරයන් දරාගැනීමට සිදුවන ආකාරය චිත්‍රපටයෙන් මැනවින් නිරූපිතයි. සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සහ ඇලස්ටන් කොච් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.

    චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් පවසන්නේ, මෙය අන්තර්ජාතික සිනමාවේ අපූර්ව පරිච්ජේදයක් සටහන් කිරීමට සමත්වනු ඇති බවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 18:15

    Latest News