රාජ්‍ය සම්මාන - රූපවාහිනී විශිෂ්ඨයින්

නොවැ 22, 2018

    2018 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ පැවැත්විණ.

    ඒ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

    මෙහි දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්මාන රැසක් හිමි විය. විශිෂ්ටතම ආලෝකරණ අධ්‍යක්ෂණය සඳහා සම්මාන හිමි වූයේ, ජ්‍යෙෂ්ඨ ආලෝකරණ නිර්මාපක නන්දසේන රාජපක්ෂ මහතාටයි. ඒ තම්බපණ්ණි වැඩසටහන වෙනුවෙන්.

    ප්‍රශස්ත පූර්ව ප්‍රචාරක පටය සඳහා වන සම්මානය හිමි කර ගත්තේ, රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක සන්තුස ලියනගේ මහතායි.

    ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේ, රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක අනුරාධ දේවප්‍රිය මහතාටයි. ඒ සොබාධාරා වැඩසටහන සඳහා.

    සන්ධ්‍යා විතානවසම්ට ආයුබෝවේවා වැඩසටහන වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි විය.

    විශ්ෂ්ටතම සඟරාමය වැඩසටහන ලෙස සුක්කානම වැඩසටහන සම්මානයට පාත්‍ර වූ අතර, එහි නිෂ්පාදිකා තරංගි අතුරලිය මහත්මිය සම්මානය ලබා ගත්තාය.

    හොඳම පසුතලය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ, එන් නිශාන්ත අලුත්ගම්ගොඩ මහතායි. ඒ, තම්බපණ්ණි වැඩසටහනේ පසුතල නිර්මාණය වෙනුවෙන්.

    හොඳම දෙමළ ළමා වැඩසටහන වන වානම් පාඩිහල් වෙනුවෙන් ක්‍රිෂාන්ත ගෝකුලන් මෙනවිය සම්මාන දිනා ගත්තේය.

    චාමර විජේසිංහ අධ්‍යක්ෂණය කළ පොලිතින් භාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිළිබඳ වැඩසටහනට ද පුරියේ විශේෂ සම්මානයක් හිමි විය.

    අමාත්‍ය එස්.බී.නාවින්න, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 නොවැම්බර් 2018 15:27

    Latest News