අලින්ටත් දැන් රෝහලක්

නොවැ 19, 2018

    ඉන්දියාවේ අලින් සඳහා වන පළමු රෝහල පසුගියදා විවෘත කෙරුණි.

    ඒ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී. රෝහල විවෘත කිරීම සනිටුහන් කරමින් 67 හැවිරිදි සුසී නම් ඇතින්නිය ඇතුළත්කර ගනු ලැබීය. ඇයට අමතරව ආසා නමැති 49 හැවිරිදි ඇතින්න ද ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. ඉන්දියාවේ වල්අලි විසිපන් දහසක පමණ ප්‍රමාණයක් සිටින අතර, ඔවුන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොට්ඨාසයක් ලෙස නම්කර තිබේ. බොහෝ අලි ඇතුන් මිනිස් ජනාවාසවලට ඇතුළුවීමට උත්සහ කිරීමේ දී මිනිසාගේ ප්‍රහාරවලට ගොදුරුව තුවාල ලබයි.

    අලි ඇතුන්ට ප්‍රතිකාර කිරිමේ මෙම රෝහලේ ප්‍රධාන අරමුණක්. අලින් සඳහා එක්ස් කිරණ සහ තවත් නවීන පහසුකම්වලින් මෙම රෝහල සමන්විත බවයි, බලධාරීන් පවසන්නේ. මෙහි අලි විසි දෙදෙනෙක් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින අතර, ඉදිරියේ දී එය 50ක් දක්වා ඉහළ නංවන බවයි, බලධාරීන් පවසන්නේ.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 10:01

    Latest News