රුධිරය,සහෝදරත්වය,පාවාදීම..මලයාලම් සිනමාව.. උඩුයටිකු‍රු කළ 'ලුසිෆර්'

ජූනි 14, 2019
  • රූ එළිවෙනකම් නිදි මරාගෙන ෆිල්ම් බලලත්...ලුසිෆර් බලලා නැත්නම් වැඩක් නෑ..

    එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය, මෙන්න මේ කියන ලුසිෆර්. සෞදි අරාබියේ ඉහළම සතිඅන්ත ආදායම ලබා කැප්ටන් මාවෙල්(Captain Marvel) සිනමා පටය දෙවන ස්ථානයට ඇද දමන්න මේ චිත්‍රපටය සමත්‍ වෙනවා.

    දින 8ක් ඇතුලත ඉන්දියානු රුපියල් බිලියනයකට ආසන්න ආදායමකින්, මුළු ඉන්දියානු සිනමා කර්මාන්තයම හෙල්ලූ දකුණු ඉන්දියානු චිත්‍රපටය තමයි මෙන්න මේ කියන ලුසිෆර්. ඉන්දියානු සිනමාවට මලයාලම් සිනමාවෙන් ලද දායාදය කියලයි මට හිතෙන්නේ. ඉන්දියානු සිනමාව කිව්වහම අපි කවුරුත් ටක් ගලා හිතන්නේ හින්දි චිත්‍රපට ගැන. හැබැයි දැන් දැන් බොලිවුඩ් චිත්‍රපටවලට කේරලයේ මලයාලම් සිනමාව අභියෝග කරනවා. ලුසිෆර් ඊට හොඳම උදාහරණයක්.

    30814 320 470

    ලුසිෆර් අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රිත්විරාජ් සුකුමාරන්(Prithviraj Sukumaran). චිත්‍රපට බලන අයට කියන්න අවශ්‍ය නැහැනේ මොහු ගැන. චිත්‍රපට රංගන ශිල්පය අතික්‍රමණය කරමින්(Koode Adam Joun Ranam) ඉදිරියට යන පිත්විරාජ් නිෂ්පාදකවරයෙක්, පසුබිම් ගායකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වනවා. ඒ ලුසිෆර් හරහායි. තමන්ගේ පළමු අධ්‍යක්ෂණයෙන්ම කෝටි ගණනක අති විශාල ආදායමක් ලබමින් හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ඔහුට මග පෑදුනේ ලුසිෆර් හරහායි. ඒ වන විට චිත්‍රපටය තිරගත වී දින 50ක් වත් ගතවෙලා නැහැ. ලුසිෆර්හි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මලයාලම් සිනමාවේ අද්විතීය රංගන ශිල්පී මොහන්ලාල් විශේෂිත රංගන දායකත්වය ලබා දෙනවා. හින්දි සිනමාවේ රංගන ශිල්පී විවේක් ඔබ්රෝයි(Vivek Oberoi). Manju Warrier,Tovino Thomas, Indrajith sukumaran,Saniya layappan,Saikumar,Kalabhavan Shajohn හා Nyla Usha යන නළු නිළියන් මෙහි සෙසු චරිතවලට පණ පෙවනවා.

    8XtPV2NW 400x400

    (ලිසිෆර් අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රිත්විරාජ් සුකුමාරන්)      

    03 1499077786 siimaawards20175

    ( ප්‍රධාන චරිතයට පණ පොවන - මොහන්ලාල්)


    අපරාධ, ක්‍රියාදාම,නාට්‍යය,ත්‍රාස්‍යජනක වර්ගීකරණයට අයත්ව ලොව පුරා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ මේ වසරේ මාර්තු 28සිටයි. තිරගත වීම ඇරඹු පළමු දිනයේදීම මේ චිත්‍රපටය ලැබූ වාර්තාගත ආදායම ඉන්දියානු කෝටි 14ක්. එය දෙවැනි වන්නේ පසුගිය වසරේ නිරගත වූ Odiyan (ඔඩියාන්) චිත්‍රපටයට පමණයි. අවසානයේදී 60 වන දිනය වන විට ඉන්දියානු සිනමාවට මලයාලම් ලුසිෆර් අභියෝග කරමින්.

    හොඳම අධ්‍යක්ෂණය මෙන්ම හොඳම සටන් අධ්‍යක්ෂණය යන සම්මාන ද මෙම චිත්‍රපටය දිනාගනු ලැබුවා.මෙහි තේමාව වන්නේ රුධිරය..සහෝදරත්වය..පාවාදීම යන්නයි. කතාව ගැන ඉඟියක් දුන්නොත් ස්ටීෆන් මහත්මා ගතිගුණ ඇති පුද්ගලයෙක්. ඔහු අනාථ නිවාසයක් කරන නිසා කේරළයේ ජනතාව ඔහුට ජීවමාන දෙවියන් විදිහට සළකනවා.ඔහුගේ ‍ඒ චරිතය වගේම තවත් දැඩි පැත්තක් තියනවා. ප්‍රාන්තයේ හිස් වන මහ ඇමති ධුරයත් සමග දේශපාලනය සමග ගැටෙන ස්ටීෆන්ට වැරදියට සිදුවන දේ නිවැරදි කරන්න හැකිවේද? ඔහුගේම යැයි නොසිතුවත් ඔහුගේ පවුල, සහෝදරත්වය ගැන කතා කරන මේ සළරුව මලයාලම් සිනමාව උඩුයටිකුරු කර හමාරයි.

    පිටපත - හර්ෂ පිටියෙගෙදර

     Lucifer movie 660x363

    im hoping make lucifer film worthy mohanlal actor star prithviraj

    Mohanlal 1

    Bala As Bhadran In Mohanlal Starrer Lucifer Stills Images1

    lakshyam movie stills and posters indrajith sukumaran and sshivada 4307

    lucifer s13 319 bts ev 0057 f hires2

    Lucifer Movie Pooja Stills 9

    Lucifer Malayalam Movie 7

    Lucifer Malayalam movie releasing this Friday

    prithviraj birthday mohanlal

    AR 190329264.jpgNCS modifiedexif

    mohanlal tovino prithviraj celebrate success of lucifer

    lucifer being made budget 50 crore

    https://youtu.be/x1-Ya0NZQso
    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 16:31

    Latest News