ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි.... ALJAZEERA

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි....

ජූනි 22, 2022

    ඇෆ්ගනිස්ථානයේ ඊයේ රාත්‍රී ඇතිවූ ප්‍රබල භූකම්පනයකින්, 1,000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් 1,500 කට අධික පිරිසක්, තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇෆ්ගනිස්ථානයේ කෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් දුරිනුයි, මෙම භූකම්පනය හටගෙන ඇත්තේ. රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ මෙම භූකම්පනය පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ද දැනුණු බවයි, වාර්තා වන්නේ.

    භූමි කම්පාවෙන් පසුව සිදු වූ නිවාස කඩාවැටීම් හේතුවෙන් මෙම පුද්ගලයන් බහුතරයක් මියගොස් තිබෙනවා. නිවාස සිය ගණනක් මුලුමනින්ම විනාශ වී ඇති බවයි, ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායක හයිබතුල්ලා අකුන්ඩ්සාඩා පවසන්නේ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, ඔහු සඳන් කරන්නේ. ඇෆ්ගනිස්ථානයේ නිවාස ඉදිකිරීමේදී අනුගමනය කරන දුර්වල ක්‍රමවේද නිසා, කුඩා භූමි කම්පාවකට වුවද නිවාස කඩාවැටීමේ අවදානමක් පවතිනවා.

    භූ කම්පනය එහි අපකේන්ද්‍රයට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි පකිස්ථානයට සහ ඉන්දියාවට දැනී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීමෙන්, ගලවා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි, ඇෆ්ගනිස්ථාන බලධාරින් පවසන්නේ.

    Latest News