ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හිදී ආරම්භ වීමට නියමිතයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගේ සංචිතයක් නම්කර තිබේ.

දකුණු අප්‍රිකාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එක් කඩුල්ලක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) වාර්තා කළේය.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර තිබේ.

‍ෆෙඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රොමේනියාව සමත්විය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඩර්බන්හි කිංන්ග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමඟ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ නායකත්වයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 366කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත්විය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වූ දිමුත් කරුණාරත්නගේ තත්වය බරපතල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව 123/3.

ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක, අකිල ධනංජයයේ පන්දු යැවීමේ ඉරියව්ව, නිරික්ෂණයට අද ඉන්දියාව බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බව, ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී ප්‍රධාන පුහුණුකරුට හිමි බලතල අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග හමුවී තිබේ. 

ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා සම්බන්ධ තොරතුරු සැපයීමට ලබාදී තිබූ සහන කාලය තුළ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අයර්ලන්ත “ඒ“ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම සමත්වුණා.

Latest News