ධනිෂ්ක වෙනුවෙන් යළිත් ඇප ඉල්ලීමක්

නොවැ 09, 2022

    ‍ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ධනිෂ්ක ගුණතිලක මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්, ඊයේ පැවැත්වුණා.

    ඒ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    සාකච්ඡාවට අමාත්‍යවරයා සමග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, අර්ජුන රණතුංග සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා යන මහත්වරුන් ද එක්ව සිටියා. සාකච්ඡා වට කිහිපයක් යටතේ විවිධ පාර්ශ්ව කැඳවා තිබුණා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් සහ කළමනාකරු මහින්ද හලංගොඩ යන මහත්වරුන්ගෙන්ද ප්‍රකාශ ලබා ගැනුණා. කමිටු සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් සහ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සමාව ගන්නා බවයි.

    මේ අතර, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් වෙනත් නීතිඥවරයෙකු සහභාගී කර විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි, නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා පවසනවා. ඒ අනුව, ලබන සිකුරාදා නැවතත් ඇප ඉල්ලා ඇපෑලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 15:52

    Latest News