දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව සහ අකුණු පළාත්වල සවස 2 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් පවතින බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (16) සබරගමුව පළාතෙත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හි දී තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකියි.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ මේ වන විට පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබේ. විශේෂයෙන්ම තද වැසි සහ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මුළු පවුල් සංඛ්‍යාව 2530ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 9016කි.

Latest News