රූපවාහිනී නාලිකා ශ්‍රේණි ගත කිරීම ‍හෙවත්, රේටින් ක්‍රමවේදය නිවැරදි නොවන බවත්, එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයට සිදු වන බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී තිබේ. 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බවත්, එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීමට එහි නිලධාරීන් අද (06) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා ඇති බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතිය තුළ ආයතන හතරක් විමර්ශන කටයුතු සදහා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල දී පසුගිය කාලයේ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව, පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඊයේ හෙළි විය.

නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 6 වැනි දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ.

Latest News