ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත්වෙයි

ජන 27, 2024

    පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4232 නාම ලේඛනය 2024.01.27 (අද ) දින නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා. 

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිළ වෙබ් අඩවියේ එම නාම ලේඛනය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  මෙම විභාග ප්‍රතිඵල අනුව ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002 ක් සදහා බඳවා ගැනීමට නියමිතව ඇති අතර ඉතා කඩිනමින් ගැසට් නිවේදනයට අනුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බව අමත්‍යවරයා පවසන්නේ. විභාගය 2023 වසරේ දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී.

    Latest News