තවත් 950ක් යුක්තියේ ඇසට කොටු

ජන 09, 2024
    යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.

    සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
     
    මේ අතර, මත්ද්රව්යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන වෙත යොමු කෙරුණා.
     
    පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68දෙනෙකු මෙදින මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News