දිවි ප්‍රහාරයකින් කතක් යන්තමින් දිවි ගලවාගනී

ඔක් 19, 2018

    තේදළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකට දිවියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල විම නිසා තුවාල ලැබු එම කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.

    වැඩිදුර ප්‍රතිකාර සදහා අදාළ කාන්තාව මේවන විට නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර යවා ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

    අද උදැසන 10 ට පමණ මෙම දිවි ප්‍රහාරය එල්ල වි ඇත්තේ බගවන්තලාව තෙරේසියා වත්තතේදිය.

    වතු කම්කරුවන් සමග තේ වතු යායට යන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි දිවියෙකු තේ වත්තේ ජය ගලා බසින කාණුවක සැගවි සිට තමන්ට පහර දුන් බවයි තුවාල ලබා රෝහල් ගත වි සිටින කාන්තාව කියා සිටියි.

    දිවියා පහර දිමෙන් එම කාන්තාවගේඅතේ පිටුපස ප්‍රදේශයට සහ මුහුණට බරපතල තුවාල සිදු වි ඇත.

    දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාගයේ නිලධාරින්ට දැනුම් දි ඇත.

    Latest News