කරදියාන කසළ අංගනයේ ගින්නක්

ජන 23, 2020

    කරදියාන කසළ අංගනය අද උදෑසන ගින්නක් හට ගැනිණ. මොරටුව මහා නගර සභා ගිනි නිවීම් ඒකකය මගින් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ.

    මෙම ගින්න පැතිරී ගියේ නම් නිවාස රාශියකට ද බලපෑම් ඇති වීමට ඉඩ තිබූ බවයි ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ කළේ. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පිළියන්දල පොලිසිය මඟින් මේ පිළිබඳ වැවැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 11:13

    Latest News