මාධ්‍යවේදී ශාලික පෙරේරා රචිත 'අප්‍රේල් 21' එළිදකී

සැප් 21, 2019

    මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත 'අප්‍රේල් 21' කෘතිය අඟරදගරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය.

    අද පෙරවරුවේ අඟරදගුරු මැදුරේ දී කෘතිය එළිදක්වනු ලැබීය. කොළඹ නගරය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර මාලාව පිළිබඳව තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත්. ඊට අමතරව අන්තවාදය ලොවට තර්ජනයක් වී ඇති ආකාරය විමර්ශනාත්මක ලිපි ගණනාවක් ද මෙම කෘතියට ඇතුළත් කර ඇත.

    කෘතිය කර්තෘ ප්‍රකාශනයක්. මාධ්‍යවේදී ශාලික පෙරේරා ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙක්.  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී මෙම කෘතිය මිලදී ගත හැක. 

    Pasku Book2 900px 19 09 21

    Pasku Book 900px 19 09 21

    Pasku Book3 900px 19 09 21

     

     

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 14:55

    Latest News