මෙන්න තවත් රෝඩ් ෂෝ එකක්

ඔක් 24, 2018

    ශ්‍රී ලංකා "VIVA ELITE" හිමිකරුවන්ගේ සංගමය විසින් ෆේස්බූක් සමුහයක් පවත්වාගෙන යන අතර ඒ තුලින් මෝටර් රථය පිලිබදව දැනුම් හා අත්දැකීම් හුවමාරු කරගැනීම මුලික වශයෙන් සිදුකරයි.

    වසර කිහිපයක සිට ෆේස්බුක් සමුහය හරහා සමාජිකයින් අතර අදහස් හා අත්දැකීම් හුවමාරු වුවද ඔවුන් අතර හමුවක් නොමැතිවීම සාමාජිකයින්ගේ මිත්‍රත්වය වර්ධනයට බාදාවක් විය.

    එම බාධාවට නැවතීමේ තිත තබා සමුහයේ සාමාජිකයින් සියලු දෙනාට එකට එක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමු "VIVA ELITE" මෝටර් රථ හිමිකරුවන්ගේ රැළිය ලබන 27 වනදා දියත උයන අසලින් ලබන 27 වනදා ආරම්භ කිරීමට "VIVA ELITE" මෝටර් රථ හිමිකරුවන්ගේ නිල සමුහය සියල්ල සුදානම් කර තිබේ.

    දියත උයනේ ආරම්භ වන රැලිය සීදුවේ ONREECH හෝටලය දක්වා ගමන් කිරීමට නියමිතය.

    එදින හමුවේදී මෝටර් රථය පිළිබඳව රථ වාහන විශේෂඥන්ගේ විසින් සිදුකරන පරීක්ෂාව සඳහා මෝටර් රථය ඉදිරිපත් කිරීමට සාමාජිකයින්ට හැකිව ලැබෙන අතර හා VIVA ELITE වාහන අමතර කොටස් වෙළෙඳසල් වලින් මිලදී ගැනීමේදී වටිනා වට්ටම් ලබාදීමටද අනුග්‍රාහක ආයතන සුදානමින් සිටි.

    ආරම්භක අවස්ථාව ලෙස සලකා එදිනට රථ පෙරහැර සඳහා සහභාගීවන පිරිසට සංගමයේ සාමාජිකත්වය නොමිලේ ලබාදීමත් හොඳම නවීකරණය කරන ලද(Modified) මෝටර් රථයට හා හොඳම නිෂ්පාදිත තත්ත්වයේ (Original conditioned) පවතින මෝටර් රථයට සම්මාන පිරිනැමමක්ද සිදු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ වනවිට ඒ සදහා VIVA ELITE හිමියන් විසින් ඉතා උනන්දුවක් දක්වමින් තම සහභාත්වය තහවුරු කරමින් බවතින බවත් elite රථ වාහන වෙනුවෙන් මෙය ඉදිරියේදි වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරන බවද එම සංගමයේ නියෝජතයෙකු කියා සිටියේය.

    මේ පිළිබඳ වැඩි විස්තර හෝ VIVA ELITE හිමිකරුවන් හා එක්වීමට නම් පහත දැක්වෙන අංක මගින් තොරතුරු ලබා ගත හැක.තරිදු - 0772340582 , ෂයාම් - 0773405129 සහ සකූ 0721600661

    Latest News