පස්‍වෙනි දිනටත් ක්‍රිකට් නඩුව කල් යයි

නොවැ 27, 2023
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සලකා බැලුනා.

    එහිදී අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු අතුරු කමිටුවේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.
    ඉන් පසුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News