2023 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15

ජූනි 15, 2023

    2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරේ.

    ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බව ද කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ 2024 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු අවුරුදු 10 හෝ 10ට වැඩි අඩු ආදායම් සහිත සිසුන්ට පමණක් බව ද එම කළ නිවේදනයේ දැක්වේ.

    අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

    විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳ ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන්ය.

    වැඩිදුර විස්තර

    දුරකථන අංක 0112 784 537 / 0112 786 616 / 0112 784 208
    ක්ෂණික ඇමතුම් - 1911
    ෆැක්ස් අංකය - 0112 784 422

    Latest News