ගාලු මුවදොර පිටියේ රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක්

සැප් 15, 2022

    ගාලු මුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදි කර ඇති ස්ථානවලට, විරෝධතාකරුවන් රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක් සිදු කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    අමාත්‍යවරයා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මේ බව කියා සිටියා.

    ගාලු මුවදොර පිටියේ ඉදි කර ඇති නව වෙළෙඳසැල් සහ උද්‍යාන අලංකරණ, ආසන, බැමි හා අනෙකුත් ඉදිකිරීම්වලට විරෝධතාකරුවන් හානි සිදු කර තිබෙනවා. අලංකාරවත් ලෙස ඉදි කර ඇති නව වෙළෙඳසැල් මේ වනතුරුත් විවෘත කර නොමැති අතර, ව්‍යාපාරිකයන් වෙත ඒවා නැවත පැවරීමට පෙර ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට විශාල මුදලක් වැය කිරීමට සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම විනාශයට වගකිවයුතු පිරිස සිදු කර ඇත්තේ ජාතික සම්පත් විනාශ කිරීමක් බව පවසන අමාත්‍යවරයා, එම වෙළෙඳසැල් ප්‍රතිසංස්කරණය කොට ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තෝරා ගන්නා ව්‍යාපාරිකයන් සඳහා ලබා දීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා.

    Latest News