තේ නැවත වගා කිරීමට පිරිනැමෙන සහනාධාරය හෙක්ටයාරයකට රු. ලක්‍ෂ 4 සිට ලක්‍ෂ 5 දක්වා ඉහළට

අප්‍රේ 06, 2021

    තේ නැවත වගා කිරීමට පිරිනැමෙන සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් ලක්‍ෂ 4 සිට ලක්‍ෂ 5 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේය. 2019 වසරේ මෙරට මුළු තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක්. ඉන් 75%ක් වන කිලෝ ග්‍රෑම් මිලියන 225ක් පමණ නිෂ්පාදනයට දායකත්වය සැපයූවේ, කුඩා තේ වතු අංශයයි.

    තේ නැවත වගාවෙන් ආදායම් ඉපැයීමට වසර 4ක් ගතවන අතර, ඊට වැය වන මුදල ද අධිකයි. එම නිසා නැවත වගාව සහ අලුත් වගාව සඳහා වන උනන්දුව අඩුවී තිබේ. තේ නැවත වගා සහනාධාරය වැඩි කෙරුණේ, මේ තත්වය අවම කිරීමට බව රජය පවසයි. 2025 වනවිට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්‍ෂිතයි.

    Latest News