බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි, ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ විශේෂ කාර්ය බළකාය විසින් රත්මලාන ප්‍රදේශයේදී.

කිලෝ 52ක හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රැඳවුම් නියෝග මත, රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර දී තිබේ.

පසුගිය 31 වැනිදා සහ පසුගිය පළමු වැනිදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ස්නාහිර පලාත්‌ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත බොරැල්ල පොලිස්‌ වසමේ නීති විරෝධී රසායනාගාර උපකරණ අලෙවි සැළක් වටලා තිබේ.

බදුල්ල වේවැස්ස වත්තේ කම්කරු නිවාසක ගෙමිදුලේ මල්පාත්තියක් මැද පවත්වාගෙන ගිය ගංජා වගාවක් සොයාගැනීමට බදුල්ල පොලිසිය සමත්විය.

Latest News