ආර්චිගේ කැප්ටන් සිහිනය සැබෑ වෙයි

දෙසැ 27, 2018

    දරුණු හඳවත් රෝගයකින් පෙළෙස 7 හැවිරදි ආර්චි ෂිලර්ගේ සිහිනය අද යථාර්ථයක් බවට පත්ව තිබෙනවා.

    ඒ ඉන්දියාව සමග මෙල්බර්න්හිදී ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සම නායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම හේතුවෙන්. ආර්චිගේ සිහිනය වී තිබුණේ, කෙදිනක හෝ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමටයි. ඒ අනූව, ඔහු අද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ටීම් පෙයින් සමග තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට ද එක්වුණා. තරගයේ දී ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පරදීමට තීරණය කළා. පසුව, අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු නායකයා කියා සිටියේ, තම සම නායක ආර්චි ෂිලර්ට අවශ්‍යව තිබුණේ, මුලින්ම පන්දුවට පහරදීම බවයි.

    මෙම සත් හැවිරිදි ක්‍රීඩකයා වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විශේෂිත ටෙස්ට් ක්‍රිකට් හිස් වැසුමක් ද ලබාදීම විශේෂත්වයක්. උපතින්ම දරුණු රෝගයකින් පෙළෙස ආර්චි ෂිලර් මාස තුනෙහි පටන්ම ශල්‍යකර්ම කිහිපයකට මුහුණ දුන් කුඩා දරුවෙක්. ඔහුගේ සිහිනය සැබෑ කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගැනීම මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ ඇති මනුෂ්‍යත්වය ලොවට තවදුරටත් කියා පාන්නක්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කොල් දවාගැනීම තම ප්‍රධානතම අරමුණ බව ද ආර්චි පවසා තිබෙනවා. ඔහුගේ සිහිනය තමා දමා ගැනීම නම්, ආර්චිට එම අවස්ථාව ලබාදීමට සූදානම් බවයි, ඉන්දීය නායකයා පවසා ඇත්තේ.

    c7f15283efcf79ab77828bc1736ac16a

    archieaustraliakohlikid051218 1

    Master

    archiejpg

    Latest News