ඉෂා අබිමානිගේ විවාහයට උදායිපූර්හි සතියක් පුරා උත්සව

දෙසැ 10, 2018

    ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුබේෂ් අම්බානිගේ දියණියගේ විවාහ මංගල්‍යය ලබන බදාදා පැවැත්වේ.

    ඒ නිමිත්තෙන් ඉන්දියාවේ උදායිපූර් නගරයේ, සතියක් පුරා උත්සව රැසක් සංවිධාන කර තිබේ. ඉෂා අම්බානිගේ මනාලයා වන්නේ ව්‍යාපාරික පවුලකට අයත් ආනන්ද් පිරමාල්ය. බොලිවුඩ් තරු රැසක් විවාහ මංගල්‍යයට පැමිනිමට නියමිතයි.

    අමෙරිකානු ජනාධිපති අපේක්‍ෂිකාවක වූ හිලරි ක්ලින්ටන් ද ආරාධනා ලැබ ඇති අතර, ඇය මේ වනවිට ඉන්දියාවට පැමිණ සිටී. සුප්‍රකට පොප් ගායිකා බියොන්සේ මංගල උත්සවයේ තවත් විශේෂ ආරාධිතයෙකි. පසුගියදා පැවති ප්‍රියංකා චොප්රාගේ විවාහ මංගලෝත්සවයේ දී ඉෂා අම්බානි දෙවැනි මනමාලියක ලෙස සැරසී සිටියාය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News