ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවත් ඉහළට

ඔක් 03, 2022

    ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඉරාන උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ද හට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    ඉරානයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් වන “ශරිෆ්” විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇතැයි, වාර්තා වනවා. සිසුන් රැසක් මේ වන විට විශ්වවිද්‍යාලය තුළ සිරවී සිටින බවයි, සඳහන් වන්නේ. ඔවුන් බහුතරයක් මේ වන විට විශ්වවිද්‍යාල රථ ගාල තුළ ආරක්ෂක අංශ සමග ගැටුම්වලට මැදිවී සිටිනවා.

    ඉරානයේ යුද හමුදා පොලිසියේ අත්අඩංගුවේ සිටි කාන්තාවක් මිය යාමත් සමග ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැතිර ගිය අතර, එතැන් සිට මේ වන තෙක් රට පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙනවා.

    Latest News