'ඔමික්‍රෝන්' අමෙරිකාවෙනුත් හඳුනා ගැනේ

දෙසැ 02, 2021

    'ඔමික්‍රෝන්' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනා ‍ගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ සිට කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණි අයෙකු එලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි. මේ වන විට අමෙරිකාව සිය ගුවන් තොටුපළවල සිදුකරන කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලිය දැඩි කර තිබේ.

    කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනිදා යළි අමෙරිකාව වෙත පැමිණ තිබුණි.

    ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ, පසුගිය 29 වැනි දිනයි. ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ මුල් වරට හඳුනාගත් 'ඔමික්‍රොන්' කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත 'ඔමික්‍රොන්' ආසාදිතයන් සංඛ්‍යාව 366කි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 දෙසැම්බර් 2021 11:20

    Latest News