ඉන්දීය රජය විවේචනය කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියට වීසා නෑ

පෙබ 18, 2020

    ඉන්දීය රජය විවේචනය කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකට වීසා නිකුත් නොකිරීමට එරට රජය තීරණය කොට තිබේ.

    ඉන්දීය රජය, කාශ්මීර ප්‍රදේශයට විශේෂ තත්වයක් ප්‍රකාශ කිරීම, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියගේ දැඩි විවේචනයට ලක්විය. කාශ්මීරය පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතීත්වය දරන ඩෙබී ඒබ්‍රහම් හට ඊ වීසා ලබාදීම නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ගුවන්තොටුපොළේ දී ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික සංචාරයක් සඳහායි, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රීවරිය ඉන්දියාවට පැමිණ ඇත්තේ. තීරණය පිළිබඳ ඉන්දීය ආගමන නිලධාරීන් කරුණු පැහැදිලි කර නොමැත.

     

     

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 12:04

    Latest News